Sunday, November 20, 2011

ලංකාවම සතුටු වෙයි

දිනක් ජනපති ජේආර්, එම මැතිනිය ,ජනාධිපති ලේකම් හෙලිකොප්ටරයකින් ගමනක් යමින් සිටියහ. එකල ප්‍රබල සමාජවාදී නායකයකු වූ හිටපු කමියුනිස්ට් පක්ෂ නායක සරත් මුත්තෙට්ටුවේගම මහතාද ඔවුන්ට එක් වී  සිටියේය. අතරමගදී ජනපති ජේආර් අපූරු යෝජනාවක් කලේය. රුපියල් දහසක නෝට්ටුවක් අතට ගත් එතුමා පැවසූයේ "මම දැන් මේක එලියට දානව... එතකොට මේක ඇහිඳ ගන්න මනුස්සය සතුටු වෙයි" කියාය. එවිට ජනපති ආර්යාව පැවසූයේ 100 කොල දහයක් දාන ලෙසය. එතකොට 10 දෙනෙක් සතුටු වෙයි එතුමිය පැවසීය. සර් 10 කොල 100ක් දාන්න එතකොට මිනිස්සු 100 ක් සතුටුවෙයි ජනාධිපති ලේකම් තුමාද සිය අදහස  පැවසීය(එකල රුපියල් 10 ක්ද සැලකිය යුතු මුදලකි ). " සර් ඔය වැඩේ හරියන්නෙ නෑ අනික සල්ලි මාරු කරන්න අහසෙ බැංකුත් නෑනෙ.එහෙම නෙවෙයි සර්  මම කියන්නෙ සර් එලියට පනින්න එතකොට මුලු ලංකාවම සතුටු වෙයි" ප්‍රබල අධිරාජ්‍ය විරෝධියකු වූ මුත්තෙට්ටුවගම මහතා කියා සිටියේය

6 comments:

  1. ටික්කා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා....මුත්තෙට්ටුවගම ජේ.ආර් ට ඔහොමම කිවා කියලා උඹ කොහොමද හරියට දන්නේ...උඹ එතන හිටියද ඒ වෙලාවේ?..............

    ReplyDelete
  2. මුත්තෙට්ටුවගම මම වගේ බුද්ධිමතෙක් වෙන්න ඇති නේද?

    Anuradha Wijesinghe

    ReplyDelete
  3. @1st Anonymous:ටික්කා ගැන විස්තරය බලන්න ( මෙහි පලකරන දෑ හුදෙක් ටික්කා ඇසූ දේවල් පමණක් වන අතර තොරතුරු වල නිවැරදි භාවය පිළිබඳව ටික්කා කිසිදු වගකීමක් නොදරයි)

    ReplyDelete
  4. @2nd Ano:මිනිස්සුන්ට එහෙමත් අපහාස කරනවද??

    ReplyDelete
  5. පට්ට.. මමත් අහල තියෙනවා ඔය කතාව. පප්පට යාං හෑලි තිබුනා සෑහෙන්න. දැන් මතකෙට එනවා අඩුයි. වයසක මිනිස්සුනේ...

    ReplyDelete
  6. මූ මෙතන තනිකර මඩ ව්‍යාපාරයක් ක්‍රීයාත්මක කරන්නේ...!!

    ReplyDelete