Sunday, November 20, 2011

ලංකාවම සතුටු වෙයි

දිනක් ජනපති ජේආර්, එම මැතිනිය ,ජනාධිපති ලේකම් හෙලිකොප්ටරයකින් ගමනක් යමින් සිටියහ. එකල ප්‍රබල සමාජවාදී නායකයකු වූ හිටපු කමියුනිස්ට් පක්ෂ නායක සරත් මුත්තෙට්ටුවේගම මහතාද ඔවුන්ට එක් වී  සිටියේය. අතරමගදී ජනපති ජේආර් අපූරු යෝජනාවක් කලේය. රුපියල් දහසක නෝට්ටුවක් අතට ගත් එතුමා පැවසූයේ "මම දැන් මේක එලියට දානව... එතකොට මේක ඇහිඳ ගන්න මනුස්සය සතුටු වෙයි" කියාය. එවිට ජනපති ආර්යාව පැවසූයේ 100 කොල දහයක් දාන ලෙසය. එතකොට 10 දෙනෙක් සතුටු වෙයි එතුමිය පැවසීය. සර් 10 කොල 100ක් දාන්න එතකොට මිනිස්සු 100 ක් සතුටුවෙයි ජනාධිපති ලේකම් තුමාද සිය අදහස  පැවසීය(එකල රුපියල් 10 ක්ද සැලකිය යුතු මුදලකි ). " සර් ඔය වැඩේ හරියන්නෙ නෑ අනික සල්ලි මාරු කරන්න අහසෙ බැංකුත් නෑනෙ.එහෙම නෙවෙයි සර්  මම කියන්නෙ සර් එලියට පනින්න එතකොට මුලු ලංකාවම සතුටු වෙයි" ප්‍රබල අධිරාජ්‍ය විරෝධියකු වූ මුත්තෙට්ටුවගම මහතා කියා සිටියේය

Friday, September 16, 2011

විජේවීර නිදහස් කරනු

දේශපාලනයට ඍජුව සම්බන්ධ නොවුනට මේකත් හොඳ කතාවක් කියල හිතිච්ච හින්ද මේක මට දාන්න හිතුනා.
මේ සිද්දිය වෙලා තියෙන්නෙ 71 කැරැල්ලෙ සැකකරුවෙක් විදියට ජවිපෙ හිටපු නායක රෝහණ විජේවීර ව අත් අඩංගුවට ගත්ත කාලෙ. ඒ කාලෙත් දැන් වගේම ජවිපෙ හොඳ පෝස්ටර් ව්‍යාපාරයක් ගෙනිහින් තියෙනව මේකට විරුද්ධව.
ඉතින් මම කියන සිද්ධිය වෙලා තියෙන්නෙ බදුල්ල පැත්තෙ කඩයක. දවසක් කඩේ මුදලාලි නැගිටිනකොට කඩේ දොරේ පෝස්ටරයක් ගහල තිබිල තියෙනව "විජේවීර නිදහස් කරනු" කියල. ඉතින් මුදලාලි ඕක ඉරල දාල වැඩ කරල තියෙනව.වැඩේ කියන්නෙ පහුවදා උදේ බලනකොටත්  ආයෙත් "විජේවීර නිදහස් කරනු" කියල අර පොස්ටරේම ගහලලු කලින් තැනම.ඕකත් මුදලාලි ඉරල දාල තියෙනව. මේක දවස් 3ක් 4ක්ම උනාලු.අරහෙන් ගහනව. මුදලාලි ඉරනව.හැමදාම උදේට "විජේවීර නිදහස් කරනු" කියල පෝස්ටරයක් ගහලලු කඩේ.
පස්සෙ බැරිම තැන මුදලාලිත් පෝස්ටරයක් ගහල ඇලෙව්වලු දොරේ
"විජේවීර,  කඩේ ඇතුලේ නැත"

ටික්කා

ප.ලි. ඔය පෝස්ටර් ගැහිල්ල ගැනත් හොඳ කතා ටිකක් තියෙනව. එව්ව ඉස්සරහට දාන්නම්කො